
පර්ත් සිට ගුවන් යානයකින් පැමිණි කොවිඩ් ආසාධිතයා වෙත නිරාවරණය වී ඇතැයි සැක කෙරෙන මෙල්බර්න් ගුවන් තොටුපළට පැමිණි පුද්ගලයන්ට වහා කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස දැනුම්දීමක් සිදු කෙරේ.
ඒ අනුව පසුගිය 21 වනදා (බදාදා) පස්වරු 06 යි 30 ත් රාත්‍රී 07 යි 30 ත් අතර කාලයේදී මෙල්බර්න් ගුවන් තොටුපළේ ක්වන්ටාස් පර්යන්තයට (Terminal 1) පැමිණි කිසිවෙකු හෝ වෙතොත් එම සෞඛ්‍ය පියවර අනුගමනය කල යුතු වනවා.
Negative ප්‍රතිපලයක් ලැබෙන තුරු ඔවුන් හුදෙකලා විය යුතුය.

වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ “සීසීටීවී පරීක්ෂණවලින් පසුව” නව උපදෙස් නිකුත් කර ඇති බවයි.
විමර්ශන අඛණ්ඩව සිදුවන බැවින් “තවත් ස්ථාන” නිරාවරණ ස්ථාන ලෙස සැලකිය හැකි බවට දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.

සම්පූර්ණ ක්වන්ටාස් ගුවන් යානය ද පරීක්ෂාවට ලක් කර දින 14 ක් හුදෙකලා වී සිටින ලෙස මගින්ට දන්වා තිබේ.
250 කට අධික පිරිසක් පර්ත් සිට මෙල්බර්න් දක්වා QF778 ගුවන් යානයේ ගමන් කර තිබේ.
COMMENTS