සිඩ්නි හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයක COVID-19 සම්ප්‍රේෂණය පිළිබඳ පරීක්ෂණ

සිඩ්නි හෝටල් නිරෝධායන මධ්‍යස්ථානයක සංචාරකයින් අතර COVID-19 සම්ප්‍රේෂණය පිළිබඳව NSW බලධාරීන් පරීක්ෂණ පවත්වයි.

නිවේදනයක් නිකුත් කරමින් බළධාරීන් කියා සිටියේ සංචාරකයින් තිදෙනා දකුණු අප්‍රිකානු COVID-19 ප්‍රභේදය සමඟ ආසාධනය වී ඇති බවයි.

තිදෙනාගෙන් දෙදෙනෙකු පවුලේ සාමාජිකයන් වන අතර සිඩ්නි හි Mercure Hotel හි 10 වන මහලේ සම්බන්ධ කාමරවල නැවතී සිටි අතර තෙවැනි පුද්ගලයා වෙනත් යාබද කාමරයක නැවතී සිටියේය.

මෙම පුද්ගලයින් තිදෙනා අප්‍රේල් 3 වන දින එකම ගුවන් යානයකින් පැමිණියහ.

බළධාරීන් පැවසුවේ අප්‍රේල් 7 සිට අප්‍රේල් 12 දක්වා කාලය තුළ හෝටලයේ එකම මහලේ නැවතී සිටි සංචාරකයින් පරීක්ෂා කෙරෙන බවයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »

මෙල්බන් සරසවියේ කඳවුරු බැඳපු සිසුන්ට අනතුරු ඇඟවීමක්

විරෝධතා නතර කර සරසවි ගොඩනැගිලිවලින් ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට සිදුවන බවට මෙල්බන් විශ්ව විද්‍යාලයේ විරෝධතාවයේ නිරත පලස්තීන හිතවාදී සිසුන්ට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Read More »