Day: April 22, 2021

වසර 23 කට පසු හොබාර්ට් ගුවන්තොටුපළට ජාත්‍යන්තර ගුවන් යානයක්

වසර 23 කට වැඩි කාලයක් තුළ හොබාර්ට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් ගමන අද ක්‍රියාත්මක වුණා. නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට Air New Zealand NZ197 ගුවන් යානය හොබාර්ට් වෙත පැමිණියේ පෙරවරු 11 ට ය. එය 1998 සිට හොබාර්ට් නගරයට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් යානයයි. නවසීලන්තය සමඟ ට්‍රාන්ස් ටස්මන් සංචාරක බුබුලු සැකැස්ම නිසා මෙම ගුවන් ගමන සිදු කරන ලදී. හොබාර්ට් හි ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තය 1983 දී විවෘත කරන ලද අතර එය හොබාර්ට් සහ ක්‍රයිස්ට්චර්ච් අතර සෘජු ගුවන්

Read More »

Bunnings Warehouses එන්නත්කරණ මධ්‍යස්ථාන කෙරේ

එන්නත්කරණ මධ්‍යස්ථාන ලෙස සිය ගබඩා සංකීර්ණ (Warehouses) භාවිත කිරීමට ඉඩදීමට Bunnings සමූහය තීරණය කර තිබෙනවා. මීට පෙර ඔවුන් කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමටද සිය රථ ගාල් ලබා දී තිබුණා. කෙසේවෙතත් Bunnings නව තීරණය සඳහා රජය විසින් මේ දක්වා නිල අනුමැතියක් දී නොමැති බව සඳහන්. Bunnings ප්‍රධාන විධායක නිලධාරී Deb Poole පැවසුවේ රජය සමග මේ සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බවයි. ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ වැඩපිළිවෙල ප්‍රමාද බවට චෝදනා එල්ලවී ඇති අතර එය මගහරවා ගැනීමයි මෙහි

Read More »
Prime-Minister-Scott-Morrison.

ඉන්දියාවෙන් ඔස්ටේ්‍රලියාවට එන ගුවන් යානා ගණන සීමා කරයි

ඉන්දියාවේ සිට පැමිණෙන සහ ඉන්දියාව දක්වා ගමන් ගන්නා ගුවන් මගීන්ට බලපැවැත්වෙන පරිදි නුදුරේදීම දැඩි සීමා පැණවීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කලේ කුලී ගුවන් යානා (chartered flights) සංඛ්‍යාව අඩු කිරීමටත් සෘජු ගුවන් වාර සංඛ්‍යාව සියයට 30 කින් පමණ කප්පාදු කිරීමටත් ඒ අනුව පියවර ගන්නා බවයි. එමෙන්ම ඉන්දියාව දක්වා ගමන් කරන ගුවන් මගීන්ට යම් සීමා පණවන බවද ඔහු කියාසිටියා. අද පැවති කැබිනට් රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මොරිසන් මහතා මේ බව සඳහන්

Read More »

ඕස්ට්‍රේලියානු ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිමට සාකච්ඡා

ඕස්ට්‍රේලියානු ආයෝජකයින්ට, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත. සිඩ්නි හි ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා හා ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා වාණිජ මණ්ඩලය සමඟ ක්වීන්ස්ලන්ඩ් තාක්ෂණ ව්ශ්වවිද්‍යලයේ දී පැවැති රැස්වීමකදී මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. කොන්සල් ජනරාල්වරයා කියා සිටියේ, වෙනත් ක්‍රියාකාරකම් හැරුණු විට ඔහු ඕස්ට්‍රේලියාවෙන් ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම කෙරෙහි පෞද්ගලිකව අවධානය යොමු කරන බවත්, අනාගත ආයෝජකයින් සඳහා ඔහුගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය. සිඩ්නි හි

Read More »

ඔස්ටේ‍රලියාවේ ස්ත්‍රී – පුරුෂ වැටුප් පරතරය වැඩිම ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වෙයි

ඔස්ටේ‍රලියාවේ ස්ත්‍රී – පුරුෂ දෙකොට්ඨාශය අතර වැටුප් පරතරය වැඩිම ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වී තිබෙනවා. 2020 Gender Equality වාර්තාවට අනුව එහි පුරුෂයෙකු සතියකට $1753.70 උපයන විට කාන්තාවක ලබා ඇත්තේ $1485.10 ක්. සමස්ත රටම සැළකීමේදී ස්ත්‍රී – පුරුෂ වැටුප් පරතරය සියයට 14 ක් වන අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ එය සියයට 15.3 ක් වැනි ඉහළ අගයක පවතිනවා. කෙසේවෙතත් ප්‍රාන්ත පරිපාලන මණ්ඩලයේ සියයට 54 ක්ම කාන්තාවන් වනවා. මෙම තත්වය පිළිබඳව ක්වීන්ස්ලන්ඩ් ආණ්ඩුකාර Annastacia Palaszczuk ට්විටර් සටහනක් ද තබා තිබුණා. BREAKING:

Read More »