Bunnings Warehouses එන්නත්කරණ මධ්‍යස්ථාන කෙරේ

එන්නත්කරණ මධ්‍යස්ථාන ලෙස සිය ගබඩා සංකීර්ණ (Warehouses) භාවිත කිරීමට ඉඩදීමට Bunnings සමූහය තීරණය කර තිබෙනවා.

මීට පෙර ඔවුන් කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමටද සිය රථ ගාල් ලබා දී තිබුණා.

කෙසේවෙතත් Bunnings නව තීරණය සඳහා රජය විසින් මේ දක්වා නිල අනුමැතියක් දී නොමැති බව සඳහන්.

Bunnings ප්‍රධාන විධායක නිලධාරී Deb Poole පැවසුවේ රජය සමග මේ සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.

ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ වැඩපිළිවෙල ප්‍රමාද බවට චෝදනා එල්ලවී ඇති අතර එය මගහරවා ගැනීමයි මෙහි අරමුණ වී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »