
ඔස්ටේරලියාවේ ස්ත්‍රී – පුරුෂ දෙකොට්ඨාශය අතර වැටුප් පරතරය වැඩිම ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ඩ් පත්වී තිබෙනවා.
2020 Gender Equality වාර්තාවට අනුව එහි පුරුෂයෙකු සතියකට $1753.70 උපයන විට කාන්තාවක ලබා ඇත්තේ $1485.10 ක්.
සමස්ත රටම සැළකීමේදී ස්ත්‍රී – පුරුෂ වැටුප් පරතරය සියයට 14 ක් වන අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ එය සියයට 15.3 ක් වැනි ඉහළ අගයක පවතිනවා.

කෙසේවෙතත් ප්‍රාන්ත පරිපාලන මණ්ඩලයේ සියයට 54 ක්ම කාන්තාවන් වනවා.
මෙම තත්වය පිළිබඳව ක්වීන්ස්ලන්ඩ් ආණ්ඩුකාර Annastacia Palaszczuk ට්විටර් සටහනක් ද තබා තිබුණා.

BREAKING: The 2020 Gender Equality Report Cards have been released.
Women now comprise 54% of Queensland Government boards – beating our 2015 target of 50%.
38% of all serving judges and magistrates are female – including the Chief Justice.
But there’s still more to do. pic.twitter.com/qKkSFpx88E
— Annastacia Palaszczuk (@AnnastaciaMP) April 20, 2021