ඉන්දියාවෙන් ඔස්ටේ්‍රලියාවට එන ගුවන් යානා ගණන සීමා කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ඉන්දියාවෙන් ඔස්ටේ්‍රලියාවට එන ගුවන් යානා ගණන සීමා කරයි

ඉන්දියාවෙන් ඔස්ටේ්‍රලියාවට එන ගුවන් යානා ගණන සීමා කරයි

ඉන්දියාවේ සිට පැමිණෙන සහ ඉන්දියාව දක්වා ගමන් ගන්නා ගුවන් මගීන්ට බලපැවැත්වෙන පරිදි නුදුරේදීම දැඩි සීමා පැණවීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සඳහන් කලේ කුලී ගුවන් යානා (chartered flights) සංඛ්‍යාව අඩු කිරීමටත් සෘජු ගුවන් වාර සංඛ්‍යාව සියයට 30 කින් පමණ කප්පාදු කිරීමටත් ඒ අනුව පියවර ගන්නා බවයි.

එමෙන්ම ඉන්දියාව දක්වා ගමන් කරන ගුවන් මගීන්ට යම් සීමා පණවන බවද ඔහු කියාසිටියා.

අද පැවති කැබිනට් රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මොරිසන් මහතා මේ බව සඳහන් කලේ.

ඉන්දියාවේ දැනට සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් තත්වය මීට හේතුවී තිබෙනවා.

COMMENTS