ඇස්ට්‍රා-සෙනෙකා ගැනීමෙන් පසු රුධිර කැටි ගැසී ලංකාවෙන් මරණ 03 ක්

ශ්‍රී ලංකාව තුළ ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගැනීමෙන් පසු රුධිර කැටිගැසීම් සිදුවූ බවට වාර්තා වූ 6 දෙනෙක් අතරින් තුන්දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.

ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ අද පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්.

කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට තුළ භාවිත කිරීම අත්හිටුවීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන් හට දෙවන මාත්‍රාව ලබාදීම ලබන මාසයේ මුල් සතියේ සිට ආරම්භ කරන බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළා.

මේ අතර තවමත් ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගතය සමාජගතවී නොමැති බවද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව තවමත් ශ්‍රී ලංකාව තුල පොකුරු වශයෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේශණය සිදුවන බවයි.

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම්දීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ රුධිර එකතු කිරීමේ සේවාව තුල බරපතල ලෙස රුධිර සංචිත අඩුවීම හේතුවෙන් රුධිරය ලබාදෙන්නැයි පරිත්‍යාගශීලීන්ට ඉල්ලීමක් යොමුවී තිබෙනවා.

Read More »

මෙල්බන් ප්‍රදර්ශණාගාරයකින් test drive ගිය යතුරුපැදියක් අතුරුදන්

මෙල්බර්න්හිදී පරීක්ෂණ ධාවනයක් සඳහා රැගෙන ගිය ඩොලර් 25,000ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර පළා ගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික් 7ක ජනතාවට පීඩා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව අපදා මධ්‍යස්ථාන බලධාරීන් පවසනවා.

Read More »

මෙල්බන් සරසවියේ කඳවුරු බැඳපු සිසුන්ට අනතුරු ඇඟවීමක්

විරෝධතා නතර කර සරසවි ගොඩනැගිලිවලින් ඉවත් නොවන්නේ නම් විශ්ව විද්‍යාලයෙන් නෙරපා හැරීමට සිදුවන බවට මෙල්බන් විශ්ව විද්‍යාලයේ විරෝධතාවයේ නිරත පලස්තීන හිතවාදී සිසුන්ට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

Read More »

හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය අතරින් පළමු තැන ඔස්ට්‍රියාවට

යුරෝපයේ හොඳම ගුවන් සේවා කාර්ය මණ්ඩලය ශ්‍රේණිගත කිරීම් අතර ඔස්ට්‍රේලියානු ගුවන් සේවා කාර්ය මණ්ඩලය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »