Day: April 21, 2021

ඉන්දියාවේ සිට ඔස්ටේ්‍රලියාවට ආ ගුවන් යානයක 18 කට කොවිඩ්

ඉන්දියාවේ සිට ඔස්ටේ්‍රලියාවට පැමිණ ඇති ගුවන් යානයක සිටි පුද්ගලයන් 18 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් ලෙස තහවුරු කරගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදීයි ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත්තේ. මෙම සිද්ධිය පදනම් කරගනිමින් පාර්ශව රැසක් රජයට දැනුම් දී ඇත්තේ ඉන්දියාවෙන් පැමිණෙන ගුවන් යානා කිසියම් කාලයකට හෝ අත්හිටුවීමට පියවර ගත යුතු බවයි.

Read More »

ඇස්ට්‍රා-සෙනෙකා ගැනීමෙන් පසු රුධිර කැටි ගැසී ලංකාවෙන් මරණ 03 ක්

ශ්‍රී ලංකාව තුළ ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගැනීමෙන් පසු රුධිර කැටිගැසීම් සිදුවූ බවට වාර්තා වූ 6 දෙනෙක් අතරින් තුන්දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා. ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ අද පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින්. කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට තුළ භාවිත කිරීම අත්හිටුවීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන් හට දෙවන මාත්‍රාව ලබාදීම ලබන මාසයේ මුල් සතියේ සිට ආරම්භ කරන බවත්

Read More »

MRNA එන්නත දේශීයව නිෂ්පාදනයට වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 50 ක් දෙයි

MRNA එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 50 ක් ලබා දෙයි. එන්නත ඕස්ට්‍රේලියාවේ නිපදවීමට අවම වශයෙන් මාස 12 ක් ගතවනු ඇති බව වැඩබලන ආණ්ඩුකාර ජේම්ස් මර්ලිනෝ ප්‍රකාශ කළේය. ෆයිසර් සහ මෝඩර්නා වැනි එන්නත් ලෙස MRNA එන්නත පළමු වරට ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කිරීමට මෙම පියවර මග පාදයි. මෙම පහසුකම මොනාෂ් විශ්ව විද්‍යාලය සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලය සමඟ ඩොහර්ටි ආයතනය සහ වෙනත් පර්යේෂණ මධ්‍යස්ථාන සමඟ සහයෝගී ව්‍යාපෘතියක් වනු ඇත.

Read More »

කැරොලයින් අත්හැරි විවාහක රූ රැජිණ කිරුළ අයර්ලන්ත විවාහක රූ රැජිණට

2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස පත්වූ ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි එම කිරුළ නිල වශයෙන් අත්හැරීමෙන් පසු අයර්ලන්තයේ කේට් ෂ්නයිඩර් නව ලෝක විවාහක රූ රැජිණ ලෙස පත්කර තිබෙනවා. ලෝක විවාහක රූ රැජිණ සංවිධානය නිකුත් කල නිවේදනයක ඒ බව සඳහන්. 2019 වසරේ දෙසැම්බර් මාසයේ අමෙරිකාවේදී පැවති ලෝක විවාහක රූ රැජිණ අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි කිරුළ දිනාගත් අතර දෙවන ස්ථානයට පත්වූයේ අයර්ලන්ත විවාහක රූ රැජිණ ලෙස තරගයට ඉදිරිපත්වූ කේට් ෂ්නයිඩර්. පසුගිය 09 වනදා නෙලුම්

Read More »
PFIZER

ෆයිසර් එන්නත ගෙන දින 03 කින් රුධිර කැටි ගැසීමක් නිසා බ්‍රිස්බන් පුද්ගලයෙකු රෝහල්ගත කෙරේ

ෆයිසර් එන්නත ගැනීමෙන් දින 03 කට පසු රුධිර කැටි ගැසීමක් හේතුවෙන් බි්‍රස්බන් නුවර පුද්ගලයෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙලෙස රෝහල්ගත කර ඇත්තේ 40 හැවිරිදි අයෙකු බව සඳහන්. ෆයිසර් එන්නත ගැනීමෙන් පසු ඔස්ටේ්‍රලියාවේ පුද්ගලයෙකු රුධිර කැටි ගැසීමකට ලක්ව රෝහල්ගත කල බවට වාර්තාවන පළමු අවස්ථාව මෙයයි. මීට පෙර ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයන් 03 දෙනෙකුද රුධිර කැටි ගැසීම් හේතුවෙන් රෝහල්ගත කෙරුණු අතර සිඩ්නි නගරයේදී 48 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්වුණා.

Read More »