කැරොලයින් අත්හැරි විවාහක රූ රැජිණ කිරුළ අයර්ලන්ත විවාහක රූ රැජිණට

2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස පත්වූ ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි එම කිරුළ නිල වශයෙන් අත්හැරීමෙන් පසු අයර්ලන්තයේ කේට් ෂ්නයිඩර් නව ලෝක විවාහක රූ රැජිණ ලෙස පත්කර තිබෙනවා.

ලෝක විවාහක රූ රැජිණ සංවිධානය නිකුත් කල නිවේදනයක ඒ බව සඳහන්.

2019 වසරේ දෙසැම්බර් මාසයේ අමෙරිකාවේදී පැවති ලෝක විවාහක රූ රැජිණ අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි කිරුළ දිනාගත් අතර දෙවන ස්ථානයට පත්වූයේ අයර්ලන්ත විවාහක රූ රැජිණ ලෙස තරගයට ඉදිරිපත්වූ කේට් ෂ්නයිඩර්.

පසුගිය 09 වනදා නෙලුම් පොකුණ රගහලේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී සිදුවූ නොසන්සුන් සිද්ධියට මැදිහත්වීමත් සමග තමන් ලෝක විවාහක රූ රැජිණ කිරුළ අත් හරින බවයි කැරොලයින් ජූරි නිල වශයෙන් නිවේදනය කලේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »