ශ්‍රී ලංකා රුපියල හමුවේ අමෙරිකානු ඩොලරය පහළ යයි – ඔස්ටේ්‍රලියා ඩොලරයට හිමි තැන ගැන ඔබ දැනුවත්ද ??

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 187.93 ක් හා විකුණුම් මිල රු. 191.97 ක් ලෙසින් වාර්තා වී තිබේ.

2021 මාර්තු 15 දිනෙන් පසු ඩොලරයේ විකුණුම් මිල රු. 200.00 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

එසේම 2021 ජනවාරි 08 දිනෙන් පසු වාර්තා වූ පහළම විකුණුම් මිල ද මෙය වේ.

ඉතිහාසයේ ඉහළම අගය සටහන් කරමින් පසුගිය අප්‍රේල් 15 දින ඩොලරයේ විකුණුම් මිල රු. 204.62 ක් දක්වා ඉහළ ගිය අතර ඊට පසු දින එනම් අප්‍රේල් 16 දින එම අගය රු. 201. 28 ක් දක්වා වාර්තා ගත ලෙස පහළ ගියේය.

විශ්ලේෂකයින් පවසන්නේ චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) දෙන ලද ඒක්සත් ජනපද ඩොලර් මිලියන 500 ක ණය මුදල ශ්‍රී ලංකාවට ලැබීමත් සමඟම රුපියල කෙරෙහි ඇති කරන ලද විදේශ විනිමය පීඩනය යම්තාක් දුරකට පාලනය වීම මෙලෙස රුපියල අතිප්‍රමාණය වීමට හේතු වී ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි අප්‍රේල් 16 දින වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2021 වසර තුළ දී සියයට 6.8කින් අවප්‍රමාණය වී තිබේ.

COUNTRY

BUYING

SELLING

USA
U.S.DOLLAR
187.9300 191.9700
UK
STERLING POUND
258.9133 266.1501
EUROPE
EURO
223.5543 230.2098
SWITZERLAND
SWISS FRANC
203.8056 211.5061
CANADA
CANADIAN DOLLAR
149.9277 155.3211
AUSTRALIA
AUSTRALIAN DOLLAR
144.0808 149.2929
SINGAPORE
SINGAPORE DOLLAR
140.2174 144.5225
JAPAN
JAPANESE YEN
1.7275 1.7718
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »