ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූරයෙකුගෙන් නව ආසියාතික වාර්තාවක්

නව ආසියාතික වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගියේ ය.

රොෂාන් අබේසුන්දර පවසන්නේ, මෙහි අරමුණ සාගරය පරිසරය රැක ගැනීමේ පණිවිඩය ලෝකයට රැගෙන යාම බවයි..

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර :

“මගේ බලාපොරොත්තුව ලංකාවේ මන්නාරමේ ඉදන් ඉන්දියාවේ දනුෂ්කෝඩි දක්වා පීනලා ආපහු එන්න. බලාපොරොත්තුව පැය 35 ක වගේ කාලෙකින් එන්න. ඒ වගේම මේකට ගොඩක් අය උදව් කළා . මගේ අරමුණ සාගරයට පොලිතින් ප්ලාස්ටික් ඇතුල් කරන්න එපා කියලා ලෝකවාසීන්ට පණිවිඩයක් දෙන්න”

රොෂාන් අබේසුන්දර ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරම දක්වා පිහිනීමට නියමිත ය.

ඔහු පිහිනීමට නියමිත මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 59 යි මීටර් 500 කි.

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට යන්න Online වීසා අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මාර්ගගතව වීසා අයදුම් කරන පිරිස වෙනුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

මෙල්බන් Highpoint සාප්පු මධ්‍යස්ථානයේ තවත් පිහි ඇනුමක්

මෙල්බර්න්හි හයිපොයින්ට් සාප්පු මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් බාල වයස්කරුවෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »