මෙල්බන් Highpoint සාප්පු මධ්‍යස්ථානයේ තවත් පිහි ඇනුමක්

මෙල්බර්න්හි හයිපොයින්ට් සාප්පු මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී සිදු වූ පිහි ඇනුමක් සම්බන්ධයෙන් බාල වයස්කරුවෙකු ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සතියකටත් අඩු කාලයකදී එම සාප්පු මධ්‍යස්ථානයේ සිදුවූ දෙවන පිහි ඇනුම මෙය ලෙසටයි සැලකෙන්නේ.

පොලිසිය පැවසුවේ, ඊයේ පස්වරු 6.10ට පමණ වෙළෙඳ මධ්‍යස්ථානය තුළ පිහිටි සිනමා සංකීර්ණය අසල පිරිමි පුද්ගලයින් හය දෙනෙකු අතර ආරවුලක් සිදුවී ඇති බවයි.

සෙන්ට් ඇල්බන්ස්හි පදිංචි 18 හැවිරිදි තරුණයෙකු පිහියෙන් ඇන ඇතැයි සැක කෙරෙන තුවාලයක් සහිතව රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයේදීම අවුරුදු 17ක සහ 18ක තරුණයන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

චේතනාන්විතව බරපතල තුවාල සිදුකිරීම, ආයුධයකින් පහරදීම සහ ආයුධයක් ළඟ තබාගැනීම යන චෝදනා 17 හැවිරිදි තරුණයාට එල්ල වී තිබෙනවා.

අදාළ චෝදනා මත ඔහු ළමා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් අනෙක් තරුණයින් දෙදෙනා ඇප මත මුදා හැර ඇති අතර ගැටුමට සම්බන්ධ පුද්ගලයන් එකිනෙකා හඳුනන අය බවට පොලිසිය විශ්වාස කරනවා.

පසුගිය ඉරිදා සවස 2:30ට පමණ මෙම සාප්පු මධ්‍යස්ථානයේ අවන්හලක් තුළ ඇති වූ ගැටුමකින් 19 හැවිරිදි තරුණයෙකු පිහි ඇනුම් තුවාල සහිතව බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර තිබුණා.

එම සිද්ධියට අදාළව 19 හැවිරිදි තරුණයෙකු පසුගිය අඟහරුවාදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »