ශත 5 කාසිය ඩොලර් 2000ට අළෙවි වෙයි

ඩොලර් ශත පහක මුදල් කාසියක් ඩොලර් 2000ක මුදලකට අලෙවි වු පුවතක් නිව් සනුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

කැසියේ හිමිකරු ඔහුගේ ළමා කාලයේ මුදල් පෙට්ටියේ තිබී මෙම ශත පහක මුදල් කාසිය මෙලෙස අලෙවි කළ ඇති බව සඳහන්.

ඇඩිලේඩ් කාසි සාප්පුවකින් මෙම කාසිය මිලදී ගෙන ඇති අතර මෙම පැරණි කාසිය ද්විත්ව මුහුණතකින් සමන්විතයි.

දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ ප්‍රතිමාව කාසිය දෙපස සටහන්ව තිබෙනවා.

එහි මුහුණත් දෙක පිහිටා ඇති ආකාරය අනුව සුවිශේෂි වන අතර සාමාන්‍ය ශත 5 කාසියට වඩා වෙනස් සුවරූපයකින් නිර්මාණය වී තිබීම විශේෂත්වයක්

මෙය එවක නිර්මාණය වූ වැරදි කාසියක් බවට විශ්වාස කරන අතර වැරදි කාසි කිහිපයක් මුලින්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට නිකුත් කර තිබෙනවා.

නැවත එම කාසි මුදල් එවක එකතු කර ගැනීමට සැලසුම් කර ඇති අතර තවත් කාසි 100ක් පමණ සොයා ගැනීමය නොහැකි වී තිබෙනවා.

එලෙස ඉතිරි වු කාසියක් දශකයකට පසු මෙලෙස යළිත් හමුව තිබීම විශේෂත්වයක්.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »