Search

සංචාරය කරන්න හොඳම රටවල්වලින් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාවට ලැබුණු තැන

කිසියම් සංචාරකයෙකු සිය ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු හොඳම රටවල් අතරට ශ්‍රී ලංකාවත් නම් කර තිබෙනවා.

සියෝ වර්ල්ඩ් මැගසින් (CEOWORLD Magazine) විසිනුයි 2024 වසරට අදාළව මෙම රටවල් නම් කිරීම සිදු කර ඇත්තේ.

සංචාරය කළ යුතු හොඳම රටවල් 67ක් මෙහිදී නම් කර ඇති අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 5 වන ස්ථානයයි.

රටවල් 67කින් යුත් මෙම ලැයිස්තුවේ 16 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිව තිබෙනවා.

ලැයිස්තුවට ඉන්දියාව, ඉන්දුනීසියාව සහ තායිලන්තය වැනි ආසියානු මෙන්ම ෆීජි, නවසීලන්තය සහ ටහිටි වැනි දුර බැහැර ගමනාන්ත ද ඇතුළත්.

ශ්‍රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ 295,000 කට අධික සංචාරකයන් ඇතුලු ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර මතයි.

ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු හොඳම රටවල් අතර පළමු තැන තායිලන්තයට හිමිව ඇති අතර දෙවන ස්ථානය ලැබී ඇත්තේ ග්‍රීසියටයි.

තුන්වන ස්ථානය ඉන්දුනීසියාවට හිමිව ඇති අතර හතර වන ස්ථානය පෘතුගාලයට හිමිව තිබෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »