T20 ලෝක කුසලානයට පෙර මේ තරගය එපා : ඔස්ටේ්‍රලියාවේ සිටින ඩිල්ශාන් කියන කථාව මෙන්න – AusLanka TV – Australian News for the Sri Lankan community

T20 ලෝක කුසලානයට පෙර මේ තරගය එපා : ඔස්ටේ්‍රලියාවේ සිටින ඩිල්ශාන් කියන කථාව මෙන්න

T20 ලෝක කුසලානයට පෙර මේ තරගය එපා : ඔස්ටේ්‍රලියාවේ සිටින ඩිල්ශාන් කියන කථාව මෙන්න

පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරඟය පැවැත්වීම මේ මොහොතේදී සුදුසු ක්‍රියාවක් නොවන බව ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී එම් ඩිල්ශාන් පවසනවා.

ඔස්ටේ්‍රලියාවේ සිට වැඩිදුරටත් අදහස් දැක්වූ ටී එම් ඩිල්ශාන් කියාසිටියේ මේ වනවිට තමා නායකත්වය සපයන ලෙජන්ඩ්ස් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරන බැවින් යම් හෙයකින් පැවැත්වීමට යෝජිත තරඟයේ තීරණය සිය කණ්ඩායමට වාසිදායක වුවහොත් එය ජාතික කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් ඇතිකරන්නක් වනු ඇති බවයි.

පලපුරුදු ක්‍රීඩකයන් ලෙස මේ මොහොතේ සිදුකළයුතුව ඇත්තේ ඉදිරියේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරඟාවලිය සඳහා එකවන ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන් හට අවශ්‍ය ශාරීරික හා මානසික ශක්තිය ලබාදීම බව ඩිල්ශාන් කියා සිටියා.

COMMENTS