Day: April 10, 2021

ඔස්ටේ්‍රලියාවේ ප්‍රදේශ රැසකට හෙට දැඩි ශීතලක් පවතිනු ඇතැයි අනාවැකි

ඔස්ටේ්‍රලියාවේ ගිණිකොණ දිග ප්‍රදේශය හරහා හෙට (11) දිනයේදී දැඩි ශීතලක් පවතිනු ඇතැයි අනාවැකි පළවනවා. ඒ අනුව ඇතැම් ස්ථානවල සෙල්සියස් අංශක සෘණ අගයන් මෙන්ම ඇතැම් ස්ථානවලට හිම පතනයක්ද අපේක්ෂා කල හැකියි. ඇන්ටාක්ටික් මහද්වීපය සිට හමා එන සිසිල් සුළං ධාරා මීට හේතුවයි. මේ අනුව දකුණු ඔස්ටේ්‍රලියාව – වික්ටෝරියා – ටස්මේනියා සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවල ප්‍රදේශ රැසකට හිමපතනය වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

Read More »

පිළිප් කුමරුන් වෙනුවෙන් කෙළින්ම රැජිණට අන්තර්ජාලය ඔස්සේ ශෝක පණිවුඩ යවන්න ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාවක්

අභාවප්‍රාප්ත පිලිප් කුමරුන් වෙනුවෙන් අන්තර්ජාලය හරහා ශෝකය පළ කිරීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒවා සෘජුවම 02 වන එළිසබෙත් මහ රැජිණ වෙත යොමු කෙරෙන බවයි අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ. අගමැතිවරයා ඊයේ දිනයේදීම ශෝක පණිවිඩයක්ද නිකුත් කරනු ලැබුවා. පිලිප් කුමරුන් සහ 02 වන එළිසබෙත් රැජිණ 2011 වසරේදී ඔස්ටේ්‍රලියාවේ සංචාරයකද නිරත වුණා.

Read More »

T20 ලෝක කුසලානයට පෙර මේ තරගය එපා : ඔස්ටේ්‍රලියාවේ සිටින ඩිල්ශාන් කියන කථාව මෙන්න

පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ක්‍රිකට් තරඟය පැවැත්වීම මේ මොහොතේදී සුදුසු ක්‍රියාවක් නොවන බව ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක ටී එම් ඩිල්ශාන් පවසනවා. ඔස්ටේ්‍රලියාවේ සිට වැඩිදුරටත් අදහස් දැක්වූ ටී එම් ඩිල්ශාන් කියාසිටියේ මේ වනවිට තමා නායකත්වය සපයන ලෙජන්ඩ්ස් කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කරන බැවින් යම් හෙයකින් පැවැත්වීමට යෝජිත තරඟයේ තීරණය සිය කණ්ඩායමට වාසිදායක වුවහොත් එය ජාතික කණ්ඩායම නියෝජනය කරන තරුණ ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට දැඩි බලපෑමක් ඇතිකරන්නක් වනු ඇති බවයි. පලපුරුදු ක්‍රීඩකයන්

Read More »

පිලිප් කුමරුන් වෙනුවෙන් කැන්බරා හිදී ආචාර වෙඩිමුර 41 ක් – සිඩ්නි ජාතික ධජ අඩකුඹු කෙරේ

අභාවප්‍රාප්ත පිලිප් කුමරුන් වෙනුවෙන් ආචාර වෙඩි මුර 41 ක උත්තමාචාරයක් පැවැත්වීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා. අගමැති ස්කොට් මොරිසන් මෙන්ම විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් විසින් මේ වනවිටත් ශෝක පණිවුඩ නිකුත් කර අවසන්. කැන්බරා අගනුවරදී මෙම ආචාර වෙඩි මුර පැවැත්වෙනු ඇති. මේ අතර සිඩ්නි නුවර Harbour Bridge හි ප්‍රදර්ශනය කර ඇති ජාතික ධජ අද දිනයේදී අඩකුඹු කර තිබෙනවා.

Read More »
NOVAVAX

ඔස්ටේ්‍රලියාව ඇස්ට්‍රා-සෙනෙකා අත්හැර නොවාවැක්ස් ළං කර ගන්න යයි

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත පිළිබඳ ගැටලු වාර්තාවීමත් සමග නොවාවැක්ස් එන්නත භාවිතයට ගැනීම කෙරෙහි ඔස්ටේ්‍රලියාවේ අවධානය යොමුවී තිබෙනවා. ඇස්ට්‍රා-සෙනෙකා එන්නත වයස අවුරුදු 50 ට අඩු අයට යෝග්‍ය නොවන බවට ඊයේ දිනයේදී වාර්තාවක් පළවීම ඊට හේතුවයි. කෙසේවෙතත් නොවාවැක්ස් එන්නත මේ වනවිට අමෙරිකාව තුළ තවමත් සායනික අත්හදා බැලීම් මට්ටමේයි පවතින්නේ. අමෙරිකාව තුළද එය භාවිතයට ගැනීම මැයි මාසයෙනුත් පසුව දක්වා කල් යනු ඇති. ඒ අනුව ඔස්ටේ්‍රලියාව තුළ නොවාවැක්ස් එන්නත්කරණය ඊටද පසුව සිදුවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

Read More »