
ඇස්ට්‍රා-සෙනෙකා එන්නත පිළිබඳ ගැටලු වාර්තාවීමත් සමග නොවාවැක්ස් එන්නත භාවිතයට ගැනීම කෙරෙහි ඔස්ටේ්‍රලියාවේ අවධානය යොමුවී තිබෙනවා.
ඇස්ට්‍රා-සෙනෙකා එන්නත වයස අවුරුදු 50 ට අඩු අයට යෝග්‍ය නොවන බවට ඊයේ දිනයේදී වාර්තාවක් පළවීම ඊට හේතුවයි.
කෙසේවෙතත් නොවාවැක්ස් එන්නත මේ වනවිට අමෙරිකාව තුළ තවමත් සායනික අත්හදා බැලීම් මට්ටමේයි පවතින්නේ.

අමෙරිකාව තුළද එය භාවිතයට ගැනීම මැයි මාසයෙනුත් පසුව දක්වා කල් යනු ඇති.
ඒ අනුව ඔස්ටේ්‍රලියාව තුළ නොවාවැක්ස් එන්නත්කරණය ඊටද පසුව සිදුවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
