Search

වසරකට පසු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණයක්

වසරකට පමණ පසු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වී තිබෙනවා.

පැපුවා නිව් ගිනියාවේ සිට පැමිණි 77 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා සඳහන් කලේ.

කෙසේවෙතත් මෙම මරණය ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාලේඛණ ලැයිස්තුවට අන්තර්ගත වන්නේ නැහැ.

අදාළ තැනැත්තාට වෛරසය වැළඳී තිබුණේ විදේශයකදී වීම ඊට හේතුවයි.

පැපුවා නිව්ගිනියාවේ කොවිඩ් තත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එහි සිටින අසාධ්‍ය පුද්ගලයන් ගුවන් මගින් රැගෙනවිත් ඔස්ටේ්‍රලියාවේ රෝහල් වෙත ඇතුළත් කිරීමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ.