Day: April 6, 2021

සංචාරක බුබුළට අගමැති මොරිසන් ගේ ප්‍රසාදය

අප්‍රේල් මස 18 වැනිදා Wellington වෙලාවට අනුව රාත්‍රී 11.59ට සහ ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් (AEST) රාත්‍රී 9.59 ට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සංචාරක බුබුල ආරම්භ වීමට නියමිතව තිබේ. ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ද නවසීලන්තයේ මෙම තීරණයට දැඩි සහයෝගයක් පලකොට තිබේ. මෙය රටවල් දෙකම ලබාගත් ජයග්‍රහණයක් වන අතර රැකියා, පුද්ගල සම්බන්ධතා ඇතුළු වෙනත් බොහෝ ක්ෂේස්ත්‍ර ඔස්සේ නැවතත් දෙරට අතර සම්බන්ධතා ගොඩනැගෙන බවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටී. නවසීලන්තය වෙත සංචාරය කරන පිරිස, ලොව වෙනත් රටවල සිට

Read More »

වසරකට පසු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණයක්

වසරකට පමණ පසු ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වී තිබෙනවා. පැපුවා නිව් ගිනියාවේ සිට පැමිණි 77 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා සඳහන් කලේ. කෙසේවෙතත් මෙම මරණය ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාලේඛණ ලැයිස්තුවට අන්තර්ගත වන්නේ නැහැ. අදාළ තැනැත්තාට වෛරසය වැළඳී තිබුණේ විදේශයකදී වීම ඊට හේතුවයි. පැපුවා නිව්ගිනියාවේ කොවිඩ් තත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර එහි සිටින අසාධ්‍ය පුද්ගලයන් ගුවන් මගින් රැගෙනවිත් ඔස්ටේ්‍රලියාවේ රෝහල් වෙත ඇතුළත් කිරීමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ.

Read More »

ඔස්ටේ්‍රලියා-නවසීලන්ත සංචාරක බුබුළ ලබන 19 දා සිට / Qantas වෙතින් සතියකට ගුවන් වාර 122 ක්

නිරෝධායනය වීමකින් තොරව රටවල් 02 අතර සංචාරය කිරීමට නවසීලන්ත සහ ඔස්ටේ්‍රලියා ජාතිකයන්ට ලබන 19 වනදා සිට අවස්ථාව උදාවනවා. ඒ දෙරට අතර සංචාරක බුබුළ එදින සිට ඇති කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් අද නිල වශයෙන් නිවේදනය කිරීමත් සමගයි. කොවිඩ් වසංගතය ඇතිවීමෙන් පසු රටවල් 02 ක් අතර සංචාරක බුබුළක් ඇතිකර එක් රටක පුරවැසියන්ට අනෙක් රටේ සංචාරය කිරීමට අවස්ථාව සැළසූ පළමු අවස්ථාව මෙයයි. කෙසේවෙතත් කොරෝනා රෝග ලක්ෂණ සහිත කිසිවෙකුටත් සංචාරය සඳහා අවසර හිමිවන්නේ නැහැ. මේ අතර ඔස්ටේ්‍රලියාවේ

Read More »

මව්බිමට යන ලාංකිකයන්ට මින් ඉදිරියට අවසරයක් අවශ්‍ය නෑ

විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට දිවයිනට පැමිණීම සඳහා මින් ඉදිරියට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් සහිත තැනැත්තන්ට මින් ඉදිරියට එම පූර්ව අනුමැතිය අදාළ වන්නේ නැහැ. කෙසේවෙතත් විදේශිකයන්ට තවදුරටත් විදේශ අමාත්‍යංශයේ පුර්ව අනුමැතිය අනිවාර්ය බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ.

Read More »

ලංකාවේ උත්සව සමයේ සංචරණ සීමා පැනවීමක් ???

උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමක් සිදුවෙයිද නොවෙයිද යන්න පිළිබඳව මේවන විට සමාජයේ කතාබහක් ඇතිවී තිබේ. ඒ පිළිබඳව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් විමසීමක් කළේය. එහිදී ඔහු පැවසුවේ සීමා පැනවීමක් සිදු නොවනු ඇති බවය. කෙසේ වෙතත්, ඉදිරි උත්සව සමයේදී බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා අහඹු “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ” සිදුකිරීමට බලාපොරොත්තු වන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 200ට අඩු සංඛ්‍යාවක පවත්වාගෙන

Read More »