අඛණ්ඩව 04 වන දිනයටත් කොවිඩ් ආසාධිතයන් හමු නොවීම හමුවේ නිවු සවුත් වේල්ස් ප්රාන්තයට පණවා ඇති නිරෝධායන සීමා ඉවත් කිරීමට බළධාරීන් සුදානම් වනවා.
ඒ අනුව මුව ආවරණ පැළඳීම ඇතුලු රෙගුලාසි ඉවත් කෙරෙනු ඇති.
නිවු සවුත් වේල්ස් උතුරු කලාපයට පණවා ඇති සංචරණ සීමා ද අද රාත්රී 12 සිට ක්රියාත්මක නොවන බවයි වාර්තා වන්නේ.
ක්වීන්ස්ලන්ඩ් ප්රාන්තයෙන් හමුවූ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ සමීපතමයෙකු නිවු සවුත් වේල්ස් ප්රාන්තයෙන්ද හමුවීමත් සමගයි සංචරණ සීමා පණවා තිබුණේ.