Day: April 5, 2021

ඔස්ටේ්‍රලියාව තුළ රැකියා පුරප්පාඩු කැපී පෙනෙන අන්දමින් ඉහළට

ඔස්ටේ්‍රලියාව තුළ රැකියා පුරප්පාඩු සංඛ්‍යාව කැපී පෙනෙන අන්දමින් ඉහළ ගොස් තිබෙනවා. එහෙත් අවශ්‍යතාවය පරිදි සුදුස්සන් නොමැති බවයි සේවා යෝජකයන් සඳහන් කර ඇත්තේ. පසුගිය පෙබරවාරි මාසයේදී රැකියා පුරප්පාඩු 289,000 ක් තිබී ඇති අතර එය ජනවාරි මාසයට වඩා සියයට 13 ක ඉහළ යාමක්. මින් පුරප්පාඩු 260,300 ක් ම පුද්ගලික අංශයේ වනවා. Job vacancies (‘000), industry Job vacancies by industry Nov-19 Feb-20 May-20 Aug-20 Nov-20 Feb-21 Mining 6 7 4.3 6 6 8 Manufacturing 11 12 7.0 14

Read More »

ලෝකයටම ගිය ලංකාවේ Mrs. World කිරුළේ හිමිකරු අවුල අවසන්

Mrs. Sri Lanka to Mrs. World 2021 තරගයේ කිරුළේ හිමිකරු පුෂ්පිකා ද සිල්වා බව ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ තහවුරු කරයි. Mrs. Sri Lanka to Mrs. World 2021 තරඟය වඩාත් උනුසුම්වුයේ කිරුළ ලබා දී නැවත ජයග්‍රාහිකවගෙන් එය ඉවත් කිරීමත් සමඟිනි. අවසන් කිරුළ දිනාගත් පුශ්පිකා ද සිල්වාගේ කිරුළ ,අවසන් ජයග්‍රාහකයා නිවේදනය කර කිරුළ පළදවා අවසන් වූ පසු ඇය දික්කසාද නිසා කිරුළ ඇයගෙන් ඉවත් කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර, බලහත්කාරයෙන් කිරුළ ගලවා ඉවත් කරන අයුරු දැක ගැනීමට හැකිවිය.

Read More »

04 වන දිනයටත් කොවිඩ් ආසාධිතයන් නෑ – NSW සංචරණ සීමා ඉවතට

අඛණ්ඩව 04 වන දිනයටත් කොවිඩ් ආසාධිතයන් හමු නොවීම හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට පණවා ඇති නිරෝධායන සීමා ඉවත් කිරීමට බළධාරීන් සුදානම් වනවා. ඒ අනුව මුව ආවරණ පැළඳීම ඇතුලු රෙගුලාසි ඉවත් කෙරෙනු ඇති. නිවු සවුත් වේල්ස් උතුරු කලාපයට පණවා ඇති සංචරණ සීමා ද අද රාත්‍රී 12 සිට ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වන්නේ. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ සමීපතමයෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්ද හමුවීමත් සමගයි සංචරණ සීමා පණවා තිබුණේ.

Read More »

රංජන්ගේ පෙත්සම ප්‍රතික්ෂේපයි – පාර්ලිමේන්තු අසුන අහිමිවීමේ අවධානමක්

තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් රංජන් රාමනායක මහතා ගොණුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි නියෝගය ලබාදුන්නේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඩුවම් නියම කරනු ලැබුවේ පසුගිය ජනවාරි 12 වැනි දායි. ඒ අනුව සිය මන්ත්‍රී ධුරය අහෝසි නොවන නියෝගයක්

Read More »

සිඩ්නි ජලජ ක්‍රීඩා ස්ථානයක විස දුමක් නිසා 03 ක් රෝහලට – 100 ක් ඉවත් කෙරේ

සිඩ්නි දකුණු ප්‍රදේශයේ ජලජ ක්‍රීඩා මධ්‍යස්ථානයකින් නිකුත් වූ විෂ සහිත ආඝ්‍රාණයක් හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුලු 03 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. තවත් 100 කට ආසන්න පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙය ගෑස් කාන්දුවක් හමුවේ ඇති වූ දුමාරයක් විය හැකි බවටයි අනාවැකි පළවී ඇත්තේ. රෝහල්ගත වූවන්ගේ තත්වය අසාධ්‍ය නැතැයි සිඩ්නි රෝහල් බළධාරීන් සඳහන් කලා.

Read More »