Day: April 5, 2021

ගෝල්ඩ් කෝස්ට් සුපිරි වෙළඳ සංකීර්ණයක සුභසාධක බඳුනක කාන්තා මළ සිරුරක්

ගෝල්ඩ් කෝස්ට් නගරයේ සුපිරි වෙළඳ සංකීර්ණයක සුභසාධක බඳුනක (charity bin) තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා. Burleigh Heads හි Stockland වෙළඳ සංකීර්ණයේ තිබියදීයි මෙම සිරුර හමුවී ඇත්තේ. කෙසේවෙතත් මෙය ඝාතනයක්දැයි මේ දක්වා නිශ්චිතව අතාවරණ වී නැහැ. අදාළ කාන්තාව මෙම බඳුන තුළ සිරවීමකට ලක්ව මියගිය බවටද වාර්තා පළවී තිබෙනවා.  

Read More »

කොරෝනා නිසා හෝටලයක සිරවි ඩොලර් මිලියන 63 ක් උපයා ගිනස් වාර්තාවකුත් තබයි

ලොව විශාලතම කැන්වසයෙන් ඇඳි සිතුවම ඩොලර් මිලියන ගණනකට ඩුබායිහිදී වෙන්දේසි වී තිබුණි. මෙය ජීවමාන කලාකරුවෙක් විසින් වෙන්දේසියකදී විකුණන ලද පළමු මිල අධිකම සිතුවම ලෙසත් ගිනස් ලෝක වාර්තාවක් තැබිය. බ්‍රිතාන්‍ය ජාතික චිත්‍ර ශිල්පී සාචා ජෆ්රි විසින් අඳින ලද මෙම චිත්‍රය නම් කර තිබුණේ ‘ද ජර්නි ඔෆ් හියුමනිටි’ ලෙසිනි. කොරෝනා වසංගතය ලොවපුරා ව්‍යාප්ත වීමත් සමග රටවල් රැසක් සංචරණ සීමා පැනවිය. ඒ නිසා බ්‍රිතාන්‍යයට නැවතත් යාමට නොහැකිව සාචා ඩුබායි රාජ්‍යයේ හෝටල් කාමරයක නවාතැන් ගත්තේය. එසේ හෝටල් කාමරයක කොටුවී

Read More »

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අත්හිටුවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නෑ

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා. මේ වනවිට 842,000 කට පමණ එන්නත් ලබා දී ඇති අතර ඉන් රුධිර කැටි ගැසීමේ සිදුවීම් වාර්තා වී ඇත්තේ එකක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. එන්නත ගැනීමෙන් පසු කිසියම් අයෙකුට සංකූලතා මතුවේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්නැයිද සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් දන්වා සිටිනවා. ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂය චෝදනා කරන්නේ රජයේ එන්නත්කරණ ක්‍රියාවලිය ප්‍රමාද මෙන්ම දුර්වල එකක් බවටයි. මාර්තු 31 වනදා

Read More »