ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අත්හිටුවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නෑ – AusLanka TV – Australian News for the Sri Lankan community

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අත්හිටුවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නෑ

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අත්හිටුවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නෑ

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා.

මේ වනවිට 842,000 කට පමණ එන්නත් ලබා දී ඇති අතර ඉන් රුධිර කැටි ගැසීමේ සිදුවීම් වාර්තා වී ඇත්තේ එකක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එන්නත ගැනීමෙන් පසු කිසියම් අයෙකුට සංකූලතා මතුවේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්නැයිද සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් දන්වා සිටිනවා.

ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂය චෝදනා කරන්නේ රජයේ එන්නත්කරණ ක්‍රියාවලිය ප්‍රමාද මෙන්ම දුර්වල එකක් බවටයි.

මාර්තු 31 වනදා වනවිට ලක්ෂ 40 ක මාත්‍රා ලබාදීමට අපොහොසත්වීම ඊට කදිම නිදසුනක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

COMMENTS