සිඩ්නි ජලජ ක්‍රීඩා ස්ථානයක විස දුමක් නිසා 03 ක් රෝහලට – 100 ක් ඉවත් කෙරේ

සිඩ්නි දකුණු ප්‍රදේශයේ ජලජ ක්‍රීඩා මධ්‍යස්ථානයකින් නිකුත් වූ විෂ සහිත ආඝ්‍රාණයක් හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුලු 03 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

තවත් 100 කට ආසන්න පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙය ගෑස් කාන්දුවක් හමුවේ ඇති වූ දුමාරයක් විය හැකි බවටයි අනාවැකි පළවී ඇත්තේ.

රෝහල්ගත වූවන්ගේ තත්වය අසාධ්‍ය නැතැයි සිඩ්නි රෝහල් බළධාරීන් සඳහන් කලා.

DP World සයිබර් ප්‍රහාරයේදී සේවක පුද්ගලික දත්ත සොරා ගනී

ඔස්ට්‍රේලියාවේ විශාලතම වරාය මෙහෙයුම් ක්‍රියාකරු වන DP World ආයතනයට එල්ල වු සයිබර් ප්‍රහාරයේදී එහි වත්මන් සහ හිටපු සේවක සේවිකාවන්ගේ පුද්ගලික දත්ත සොරා ගැනීමකට ලක්ව ඇති බවට අනාවරණය වි තිබෙනවා.

Read More »

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »