ඉන්දියාව සහ පකිස්ථානය හදවතින් එක් වෙයි

පාකිස්තාන තරුණියකට ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්ථානයේ කරච්චි නගරයේ පදිංචි 19 හැවිරිදි තරුණියකට මෙලෙස බද්ධ කර ඇත්තේ නවදිල්ලියේ පදිංචිව සිටි මොළය මියගිය 69 හැවිරිදි රෝගියෙකුගේ හදවතක් බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

රුපියල් ලක්ෂ 35 කට වැඩි මුදලක් වැයවන මෙම සැත්කම දිල්ලි නුවර සහන සංවිධානයක දායකත්වයෙන් නොමිලේ සිදුකර ඇති බව සඳහන්.

හෘද කපාටයක ඇති කාන්දුවක් හේතුවෙන් හෘද රෝගයකින් පෙලුණු තරුණිය ජීවත් කිරීමට නම් සම්පූර්ණ හදවතක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුවයි ඇයට මොළය මියගිය ඉන්දීය ජාතිකයෙකුගේ හදවත බද්ධ කර ඇත්තේ.

අදාළ සැත්කම චෙන්නායිහි MGM හෙල්ත්කෙයාර් රෝහලේදී සිදුකර ඇති අතර සැත්කමට ලක්වූ තරුණිය මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව‍ සඳහන්.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »