රංජන්ගේ පෙත්සම ප්‍රතික්ෂේපයි – පාර්ලිමේන්තු අසුන අහිමිවීමේ අවධානමක්

තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් රංජන් රාමනායක මහතා ගොණුකර තිබූ රිට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි නියෝගය ලබාදුන්නේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරක සිර දඩුවම් නියම කරනු ලැබුවේ පසුගිය ජනවාරි 12 වැනි දායි.

ඒ අනුව සිය මන්ත්‍රී ධුරය අහෝසි නොවන නියෝගයක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බල පැවැත්වෙන පරිදි ලබා දෙන ලෙසයි අදාළ රිට් පෙත්සමෙන් ඉල්ලා තිබුණේ.

මේ අතර සිර දඩුවම් නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මෙම සතියේදී එක් දිනක් හෝ මැතිසබයට පැමිණීමට නොහැකි වුවහොත් එම මන්ත්‍රී ධූරය ඉබේම අහෝසි වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »