Search

ශ්‍රී ලංකාවේ ආනයනික පොල්තෙල්වල පිළිකා කාරක හමුවේ.

ශ්‍රී ලංකාවේ පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වූ පොල්තෙල් ආනයනය කළ ආයතන 3කට මුද්‍රා තබා තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ, අදාළ පොල්තෙල් පරිභෝජනයට නුසුදුසු බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරු වීමෙන් පසුව එය ප්‍රතිඅපනයනය කරන තෙක් පමණයි.

එලෙස ආනයනය කළ පොල්තෙල් බහලුම් 13ක ඇෆ්ලටොක්සීන් නම් පිළිකා කාරක අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් තහවුරු කර තිබුණා.

නමුත් ඒ තිබියදීත් එම පොල්තෙල් අදාළ ආයතන වෙත මුදා හැර ඇති බවට පසුගියදා සමස්ථ ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා චෝදනා කළා.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »