Day: March 28, 2021

පිරිමි උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව වසර 16 කට පසු අලුත් වෙයි

පිරිමි උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව වසර 16 කට පසු බිඳ හෙලීමට 22 හැවිරිදි උෂාන් තිවංක පෙරේරා සමත්වී තිබෙනවා. ඒ, ඇමරිකාවේ ටෙක්සාස් හි පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර 2.28ක් උස පනිමින්. 2004 වසරේදී මංජුල කුමාර විසින් මීටර 2.27 ක ජාතික වාර්තාව පිහිටවූ අතර, 2005 වසරේදී ඔහු එය යළි සම කිරීමට සමත්වුණා. පසුගියදා උස පැනීමේ ගෘහස්ථ ශ්‍රී ලංකා වාර්තාවද තමන් සතු කරගත් උෂාන් තිවංක මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

Read More »

VIDEO : මෙල්බර්න් – කෙයාර්න්ස් කි.මී 4000 ක් skateboard ගමනක යෙදෙන ඔස්ටේ්‍රලියානුවා

පසුගිය වසරේ lockdown ආරම්භ වූ සමයේ සැළසුම් කල පරිදි ටොම් ඩූරි අභියෝගාත්මක චාරිකාවක් ආරම්භ කලා. ඒ මෙල්බර්න් සිට කෙයාර්න්ස් දක්වා කිලෝ මීටර් 4000 ක දුරක් skateboard එකක් මගින් ගමන් කිරීමයි. ඔහුගේ චාරිකාවට දැනට සති 09 ක්. සුභසාධන කටයුත්තක් සඳහා මුදල් රැස් කිරීමයි මෙම චාරිකාවේ අරමුණ වන්නේ. ඔහු සම්බන්ධයෙන් BBC වාර්තාව පහතින් https://www.bbc.com/news/av/world-australia-56438893

Read More »

මව්බිමට යන ඔබට Duty free shops ගැන අලුත් ආරංචියක්

ගුවන්තොටුපල තීරු බදු රහිත සාප්පු සංකීර්ණය (Duty free shops) නැවතත් විවෘත කර ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය පවසනවා. විදේශයන්හි සිට මව්බිමට පැමිණෙන්නන් නිරෝධායන ක්‍රියාවලියට අදාළ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවිය (www.airport.lk) හරහා ලියාපදිංචි වීමෙන් ගුවන්තොටුපල තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සියලු සේවාවන් ලබාගත හැකියි. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංකයක් ද වෙන්කර තිබෙනවා +94 11 22263017

Read More »

ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් පොකුරට අදාළව සොයමින් සිටි ආසාධිතයා හමුවෙයි

ක්වීන්ස්ලන්ඩ් කොවිඩ් පොකුරට අදාළව මේ දක්වා සොයමින් සිටි ආසාධිතයා හමුවී තිබෙනවා. පසුගිය දින දෙකේදී හඳුනාගත් ආසාධිතයන් දෙදෙනාගේ සහෝදරයෙකුයි මෙලෙස සොයාගෙන ඇත්තේ. පරීක්ෂණ 11,300 කින් පමණ මෙම තැනැත්තා හඳුනාගත් බව ක්වීන්ස්ලන්ඩ් බළධාරීන් සඳහන් කලා. ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ජෙනට් යන්ග් පැවසුවේ නව ආසාධිතයා “බොහෝ විට ආසාදනය සම්ප්‍රේෂණය කිරීමට වගකිව යුතු පුද්ගලයා” බවයි.

Read More »

කාන්තා හිංසන චෝදනා ලැබූ පාලක පක්ෂ මන්ත්‍රීවරයෙකු රාජකාරි අත්හරී

අන්තර්ජාලය හරහා කාන්තාවන්ට හිරිහැර කිරීමේ චෝදනාවෙන් පසු සංස්කෘතික සංවේදීතා පුහුණුව ලබා ගැනීම සඳහා රාජකාරිවලින් ඉවත් වන බව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩෲ ලැමිං පවසයි. ඔහු අපහාස කළ බවට කාන්තාවන් දෙදෙනෙක් චෝදනා කළ අතර, එක් අයෙකු සියදිවි නසා ගැනීමට උත්සාහ කල බවද පැවසුවාය. අගමැති ස්කොට් මොරිසන් ඔහුගේ ලිබරල් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ලැමිං මහතාට “නින්දිත” හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලා සිටින ලෙසද දන්වා තිබේ. ලැමිං මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී නැත. එවැන්නක් සිදුවුව හොත් මොරිසන් මහතාගේ සන්ධානයට

Read More »