
ගුවන්තොටුපල තීරු බදු රහිත සාප්පු සංකීර්ණය (Duty free shops) නැවතත් විවෘත කර ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරිය පවසනවා.
විදේශයන්හි සිට මව්බිමට පැමිණෙන්නන් නිරෝධායන ක්‍රියාවලියට අදාළ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවිය (www.airport.lk) හරහා ලියාපදිංචි වීමෙන් ගුවන්තොටුපල තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සියලු සේවාවන් ලබාගත හැකියි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංකයක් ද වෙන්කර තිබෙනවා

+94 11 22263017