
පිරිමි උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව වසර 16 කට පසු බිඳ හෙලීමට 22 හැවිරිදි උෂාන් තිවංක පෙරේරා සමත්වී තිබෙනවා.
ඒ, ඇමරිකාවේ ටෙක්සාස් හි පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී මීටර 2.28ක් උස පනිමින්.
2004 වසරේදී මංජුල කුමාර විසින් මීටර 2.27 ක ජාතික වාර්තාව පිහිටවූ අතර, 2005 වසරේදී ඔහු එය යළි සම කිරීමට සමත්වුණා.

පසුගියදා උස පැනීමේ ගෘහස්ථ ශ්‍රී ලංකා වාර්තාවද තමන් සතු කරගත් උෂාන් තිවංක මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.