කාන්තා හිංසන චෝදනා ලැබූ පාලක පක්ෂ මන්ත්‍රීවරයෙකු රාජකාරි අත්හරී

අන්තර්ජාලය හරහා කාන්තාවන්ට හිරිහැර කිරීමේ චෝදනාවෙන් පසු සංස්කෘතික සංවේදීතා පුහුණුව ලබා ගැනීම සඳහා රාජකාරිවලින් ඉවත් වන බව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩෲ ලැමිං පවසයි.

ඔහු අපහාස කළ බවට කාන්තාවන් දෙදෙනෙක් චෝදනා කළ අතර, එක් අයෙකු සියදිවි නසා ගැනීමට උත්සාහ කල බවද පැවසුවාය.

අගමැති ස්කොට් මොරිසන් ඔහුගේ ලිබරල් පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ලැමිං මහතාට “නින්දිත” හැසිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සමාව ඉල්ලා සිටින ලෙසද දන්වා තිබේ.

ලැමිං මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වී නැත.

එවැන්නක් සිදුවුව හොත් මොරිසන් මහතාගේ සන්ධානයට පාර්ලිමේන්තු බහුතරය අහිමි විය හැකිය.

දේශපාලනය තුළ පවතින චෝදනාවලට හා පුළුල් සංස්කෘතික ගැටලුවලට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් අගමැතිවරයා දැඩි පීඩනයකට මුහුණ දී තිබේ.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »