Search

කොරෝනා පහව ගියත් කොළඹ / නුවර අයට දිගටම Face-mask දාන්න වෙයි

මහනුවර හා කොළඹ දිස්ත්‍රික්කයේ වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත මට්ටම් පවා ඉක්මවා ගොස් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වූ අවස්ථාවේදීයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත්තේ සාමාන්‍ය වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශු, වර්ග මීටරයකට මයික්‍රෝ ග්‍රෑම් 50ට අඩු මට්ටමක පැවැතිය යුතු බවයි.

නමුත් අද දිනයේදී අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් අවස්ථාවල දී මෙම තත්ත්වය කොළඹ හා මහනුවර දිස්ත්‍රික්කවල මයික්‍රෝ ග්‍රෑම් 150 ත් 165ත් දක්වා ඉහළ අගයක් ගන්නා බවයි.

මහනුවර නගරය කඳුයායකට මැදිව පවතින නිසා එහි වායුගෝලයේ පවතින ක්ෂුද්‍ර අංශ ඉවතට ඇදී නොයාමත් / කොළඹ නගරය ආසන්නයෙන්ම සාගරය පවතින නිසා ඇතැම් අවස්ථාවලදී ඉන්දියාවේ සිට හමා එන සුළං දහරාවන් සමග වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශු වල වැඩි වීමත් ඊට හේතු වී තිබෙනවා.

එමනිසා කොවිඩ් 19 වසංගතය අවසන් වුවද මහනුවර සහ කොළඹ නගරයේ දරුවන් හා වැඩිහිටියන්ට මුව ආවරණ පැළඳ සිටිය යුතු තත්ත්වයක් පැන නැගී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »