ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත් මාත්‍රා 250,000 ක් ඉතාලියේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණීම අවහිර කරයි!

යුරෝපා කොමිසම සහ ඉතාලිය විසින් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වයිරස් එන්නත ඕස්ට්‍රේලියාවට එවීම​ අවහිර කර ඇති අතර ඖෂධ නිෂ්පාදකයින් සිය යුරෝපා සංගම් ගිවිසුම් වලට අදාල බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වූ බව ආරංචි මාර්ග පවසයි.  තවද​, ප්‍රධාන නිෂ්පාදකයින් සමඟ සැපයුම් ගැටළු සම්බන්ධයෙන් මන්දගාමී ප්‍රගතියක් ඇති බවට නිලධාරීන් චෝදනා කර තිබේ.

මේ අනුව​, විශාල ඖෂධ සමාගම් ඔවුන්ගේ කොන්ත්‍රාත්තු වලට ගරු කරන බවට වග බලා ගැනීම සඳහා යුරෝපා සමූහය විසින් පිහිටුවන ලද අපනයන පාලන ක්‍රමයක් පළමු වරට භාවිතා කිරීම නිසා ඕස්ට්‍රේලියාව සඳහා නියම කර ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන හතරෙන් එකක් අපනයනය කිරීම අවහිර කර ඇත.

රෝමයට ආසන්නයේ පිහිටි ඇනග්නි කම්හලෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 250,000 ක් ඕස්ට්‍රේලියාවට අපනයනය කිරීමට​ ඇස්ට්‍රාසෙනෙකා සමාගම​ ඉතාලි රජයෙන් අවසර ඉල්ලා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉතාලි රජය එය ප්‍රතික්ෂේප කළ අතර යුරෝපා කොමිසම එම​ තීරණයට සහාය දුන් බව සඳහන්. මේ පිළිබඳව ඇස්ට්‍රාසෙනෙකා සමාගම අදහස් දැක්වීමෙන් වැළකී සිටින බවද සඳහන් වේ.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »