Qantas විසින් ගුවන් මගීන්ට ඩොලර් මිලියන 20ක වන්දියක්

ක්වන්ටාස් ගුවන් සමාගම විසින් වලංගු කරන ලද ගුවන් ගමන් සඳහා ඩොලර් මිලියන 20 ක මුදලක් පාරිභෝගිකයින්ට ආපසු ගෙවීමට පියවර ගෙන තිබෙනවා.

 

මීට අමතරව ගුවන්ගමන් අවලංගු කිරීම් හෝ ප්‍රමාද කිරීම් නිසි වේලාවට දැනුම් දීමට නොහැකි වීම් යන චෝදනා මත තවත් ඩොලර් මිලියන 100ක සිවිල් දඩයක් ගෙවීමට ද ක්වන්ටාස් සමාගමට සිදුව ඇති  බව  සඳහන්. 

 

කෙසේ වෙතත් එම සිවිල් දඩ මුදල සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

 

තවද 2021 මැයි 21 සිට 2022 ජූලි 7 දක්වා කාලය තුළ ක්වන්ටාස් සමාගම විසින් අවලංගු කරන ලද ගුවන් ගමන් ගණන 8000කට වැඩි බවයි වාර්තා වන්නේ.

 

තවද එම කාලසීමාව තුළ ගුවන් ගමන් 10000කට වැඩි ප්‍රමාණයක් නියමිත වේලාවට වඩා ප්‍රමාද වී ධාවනය කර ඇති බව සඳහන්.

 

ඒ අනුව පශ්චාත් කොවිඩ් කාලසීමාව තුළ මෙලෙස නිසි දැනුම්දීමකින් තොරව ගුවන් ගමන් ප්‍රමාදයන් හා අවලංගු කිරීම් සිදු කළ බවට පසුගිය වසරේ අගෝස්තු මස පාරිභෝගික කොමිසම විසින් ක්වාන්ටාස් සමාගමට විරුද්ධව ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කළා.

 

මෙම සියලු නිර්දේශයන් සැලකිල්ලට ගනිමින් ෆෙඩරල් අධිකරණය නියෝග කලේ අගතියට පත් ගුවන් මගීන් සඳහා ඩොලර් මිලියන 20 ක මුදලක් පාරිභෝගිකයින් වෙත ආපසු ගෙවන ලෙසයි.

 

ඒ අනුව අගතියට පත් දේශීය මෙන්ම විදේශීය ක්වන්ටාස් පාරිභෝගිකයින් වෙත එම මුදල් හිමිවනු ඇති.

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »