ගැඹුරු අවකාශයේ තොරතුරු නැවතත් පෘථිවියට

මාස ගණනාවක් පුරා අක්‍රිය වී තිබූ වොයෙජර් 1 (Voyager-1) යානය නැවතත් ගැඹුරු අවකාශයේ සිට කියවිය හැකි දත්ත පෘථිවිය වෙත යොමු කර තිබෙනවා.

නාසා ආයතනය පවසන්නේ Voyager-1 ගවේෂණ යානය මාස කිහිපයක් පුරා අඩපණ වී තිබීමෙන් පසු නැවත වරක් භාවිතා කළ හැකි තොරතුරු පෘථිවියට එවමින් ඇති බවයි.

වසර 46ක් පැරණි අභ්‍යවකාශ යානය මානව වර්ගයා විසින් අභ්‍යවකාශයට යොමු කිරීමෙන් පසු වඩාත් වැඩි දුරක් ගිය වස්තුව ලෙසටයි සැලකෙන්නේ.

පරිගණක දෝෂයක් හේතුවෙන් නොවැම්බර් මාසයේදී එහි කියවිය හැකි දත්ත ලබා දීම නතර වුව ද ඉංජිනේරුවන් දැන් එය නිවැරදි කර තිබෙනවා.

Voyager-1 යානය පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 24කට වඩා දුරින් පිහිටා තිබීම හේතුවෙන් එහි ගුවන්විදුලි පණිවිඩ නාසා ආයතනය වෙත ළඟා වීමට සම්පූර්ණයෙන්ම පැය 22.5ක් ගත වනවා.

Voyager-1 අභ්‍යවකාශ යානය එහි පද්ධතිවල සෞඛ්‍යය සහ තත්ත්වය පිළිබඳ භාවිතා කළ හැකි දත්ත ආපසු ලබා දෙමින් සිටින බවයි නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මෙම යානය 1977 වසරේ සැප්තැම්බර් 5 වනදා අභ්‍යවකාශගත කරන ලද්දේ බාහිර ග්‍රහලෝකවල චාරිකාවක් සඳහායි.

ඊට පෙර වොයෙජර් 2 යානය නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගත කර තිබුණේ වොයජ්ර් 1 යානයේ පැවති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් .

එහි නිරුවත් මිනිසෙකුගේ සහ ගැහැණියකගේ චිත්‍ර, කුරුල්ලන්ගේ සහ තල්මසුන්ගේ හඬ මෙන්ම බටහිර ගායක චක් බෙරීගේ ජොනි බී ගුඩ් ගීතය ඇතුළත් කර ඇත්තේ ක්ෂීර පථයේ කෙළවර බුද්ධිමත් ජීවීන් ඇත්නම් පෘථිවිය ගැන අවබෝධයක් ලබා ගැනීම සඳහායි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »