
දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.
මෙක්සිකානු බලධාරීහු තහවුරු කළේ ඩි එන් ඒ සාක්ෂි ලබා ගැනීමේ අවශ්‍යතාවයකින් තොරව වින්දිතයින්ගේ පවුලේ සාමාජිකයින්ට ඔවුන්ව හඳුනා ගැනීමට හැකි වු බවයි.
පර්ත් සහෝදරයන් වන කැලම් සහ ජේක් රොබින්සන් සහ ඔවුන්ගේ මිතුරෙකු වන ජැක් කාටර්ගේ සිරුරු මෙලෙස මීටර් 10ක් පමණ ගැඹුරු ලිඳකින් හමුව තිබුණා.

මෙම පිරිස මෙත්සිකෝ සංචාරයක් අතරතුර මෙලෙස ඝාතනය වී ඇති අතර අපරාධ කල්ලියක් සමග සටන් කිරීමට යෑමෙන් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි මෙත්සිකන් පොලීසිය සැක පල කරන්නේ.
මළසිරුරු පරික්ෂාවේ දී පෙනී ගොස් ඇත්තේ හිසර තැබු වෙඩි තැබීම් වලින් මෙම මිතුරන් තිදෙනා මියගොස් ඇති බවයි.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනා මේ වන විට පොලීසිට විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අවස්තාවේ දී මියගිය තිදෙනාගේ ජංගම දුරකතන ද සැකකරුවන් සංතකයේ තිබිය දී සොයා ගෙන තිබෙනවා.
පසුගිය අප්‍රේල් 27 වනදා සිට අතුරුදන් මිතුරන් තිදෙනා පිළිබඳ විමර්ශණ ආරම්භ කර තිබුණා.