ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල තුල තවදුරටත් රැකියා අහිමි වීමේ ඉඩකඩ වැඩි බවට අනතුරු ඇඟවීමක්!

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ආශ්‍රිතව​ රැකියා 17,000 කට වඩා අහිමි වී ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන පිළිබඳව තමා පුදුමයට පත්වන බව ඇලන් ටඩ්ජ් පැවසීය. රැකියා 5000 ක් පමණ අහිමි වී ඇතැයි ඔහු විශ්වාස කල සිටියේය​.

කොරෝනා වෛරස් වසංගතයේ අඛණ්ඩ ආර්ථික බලපෑම හේතුවෙන් තවත් රැකියා අහිමිවීම් සිදු වීමට ​ඉඩකඩ වඩාත් වැඩි බව​ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අනතුරු අඟවා තිබේ.

ඇස්තමේන්තු කර ඇති පරිදි පෙර වර්ෂයට සාපේක්ෂව 2020 දී මෙහෙයුම් ආදායමෙන් ඩොලර් බිලියන 1.8 ක් පමණ අහිමි වී ඇති බවයි.

2020 සඳහා විශ්ව විද්‍යාල වල පූර්ව වසංගත අයවැය ආදායම හා සසඳන විට පාඩුව ඩොලර් බිලියන 3 කට වඩා වැඩිය.

මේ වසරේදී තවත් ඩොලර් බිලියන 2 ක් අහිමි වනු ඇතැයි අපේක්‍ෂා කරන අතර මෙයට ප්‍රධාන හේතුව ලෙස ජාත්‍යන්තර සිසුන්ට තවමත් ඕස්ට්‍රේලියාවට ඒමට​​ නොහැකි වීම බව වාර්තාවන් හි සටහන් වේ.

රජයේ JobKeeper වැටුප් සහනාධාර වැඩසටහනෙන් විශ්ව විද්‍යාල අංශය ඵ​ලදායී ලෙස බැහැර කරන ලදී. අනතුරු ඇඟවීම් නොතකා මෙම තීරණය විශාල ලෙස​ රැකියා අහිමිවීමට හේතු වී ඇති බවට සඳහන් වේ.

කොරෝනා වසංගතයෙන් ඇති වන බලපෑම වසර ගණනාවක් විශ්ව විද්‍යාල වලට දැනෙනු ඇති බවට විශ්වාස කෙරේ.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »