Day: February 4, 2021

උතුරු ප්‍රාන්තය(NT) විසින් මෙල්බන් හි නගර 10ක් COVID19 Hotspots ලෙස නම් කෙරේ.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය ආශ්‍රිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ ඕස්ට්‍රේලියානු උතුරු ප්‍රාන්තය(NT) වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රදේශ 10ක් COVID 19 Hotspots ලෙස නම් කෙරේ. මේ අනුව​,බ්‍රහස්පතින්දා සවස 3.30 සිට මෙල්බන්හි තදාසන්න ප්‍රදේශ 10 ක් hotspots ලෙස ප්‍රකාශයට පත් කර ඇත. පහත දැක්වෙන්නේ එම නගරයි.Melbourne, West Melbourne, Brighton, Brandon Park, Clayton South, Heatherton, Keysborough, Moorabbin, Noble Park සහ Springvale මෙම ප්‍රදේශයන් සිට උතුරු ප්‍රදේශයට (NT) ගමන් කරන ඕනෑම අයෙකු අනිවාර්‍ය නිරෝධායනයට ලක් විය යුතු වේ.

Read More »

ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල තුල තවදුරටත් රැකියා අහිමි වීමේ ඉඩකඩ වැඩි බවට අනතුරු ඇඟවීමක්!

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල ආශ්‍රිතව​ රැකියා 17,000 කට වඩා අහිමි වී ඇති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල විසින් ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන පිළිබඳව තමා පුදුමයට පත්වන බව ඇලන් ටඩ්ජ් පැවසීය. රැකියා 5000 ක් පමණ අහිමි වී ඇතැයි ඔහු විශ්වාස කල සිටියේය​. කොරෝනා වෛරස් වසංගතයේ අඛණ්ඩ ආර්ථික බලපෑම හේතුවෙන් තවත් රැකියා අහිමිවීම් සිදු වීමට ​ඉඩකඩ වඩාත් වැඩි බව​ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අනතුරු අඟවා තිබේ. ඇස්තමේන්තු කර ඇති පරිදි පෙර වර්ෂයට සාපේක්ෂව 2020

Read More »

වික්ටෝරියානු ප්‍රාන්තයේ දහස් ගණනක් කොරෝනා පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් වන අතරේ ගෙවුණු පැය 24 තුල එක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ නිරෝධායන සේවකයෙකු මෙලෙස ගතවුණු පැය 24 තුල වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු ලෙස වාර්තා වී ඇති අතර හෝටල් නිරෝධායනයේ තවත් සංචාරකයින්දෙදෙනෙකුට COVID-19 ඇති බව හඳුනා ගන්නා ලදී. මෙම දේශීය වශයෙන් සම්ප්‍රේෂණය මඟින් ආසාදිත 26 හැවිරිදි පුද්ගලයා Noble Park ප්‍රදේශයේ වෙසෙන්නෙක් බවට තහවුරු වී ඇති අතර අද දින පැවති මාධ්‍ය හමුවේ දී වික්ටෝරියානු අගමැති පැවසුවේ ඔහුගේ පවුලේ සමීපතමයන් දෙදෙනෙකුට කොරෝනා සඳහා ඍණාත්මක ප්‍රතිඵල ලැබී ඇති බවයි. කෙසේවෙතත්, ඔහු හා සමීප සම්බන්ධතා 20 ක්

Read More »

ලංකාවේ කොරෝනා එන්නත මත්පැන් දුම්වැටි භාවිත නොකරන පිරිසට පමණක් ලබා දීමට යෝජනාවක්!

මත්පැන් සහ දුම්වැටි භාවිතය මගින් සිරුරේ ප්‍රතිශක්තිය අඩු කරන බවත් එවැනි ඇබ්බැහියකට ලක්වී සිටින පුද්ගලයෙකුට කොවිඩ් -19 එන්නත ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොවන බව ශ්‍රී ලංකා දුම්කොළ සහ මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ ප්‍රකාශ කර සිටී. මේ වන විට මත්පැන් සහ දුම්වැටි භාවිතා කරන්නෙකු කොරෝනා එන්නත ලබා ගෙන සිටිනම් එදින සිට අවම වශයෙන් මාස 06ක කාලයක් ඒවා පාවිච්චි කිරීමෙන් වැලකි සිටීම අත්‍යාවශ්‍ය බවයි වෛද්‍ය සමාධි රාජපක්ෂ පෙන්වා දෙන්නේ.

Read More »