වික්ටෝරියානු ප්‍රාන්තයේ දහස් ගණනක් කොරෝනා පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් වන අතරේ ගෙවුණු පැය 24 තුල එක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලියේ නිරෝධායන සේවකයෙකු මෙලෙස ගතවුණු පැය 24 තුල වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු ලෙස වාර්තා වී ඇති අතර හෝටල් නිරෝධායනයේ තවත් සංචාරකයින්දෙදෙනෙකුට COVID-19 ඇති බව හඳුනා ගන්නා ලදී.

මෙම දේශීය වශයෙන් සම්ප්‍රේෂණය මඟින් ආසාදිත 26 හැවිරිදි පුද්ගලයා Noble Park ප්‍රදේශයේ වෙසෙන්නෙක් බවට තහවුරු වී ඇති අතර අද දින පැවති මාධ්‍ය හමුවේ දී වික්ටෝරියානු අගමැති පැවසුවේ ඔහුගේ පවුලේ සමීපතමයන් දෙදෙනෙකුට කොරෝනා සඳහා ඍණාත්මක ප්‍රතිඵල ලැබී ඇති බවයි.

කෙසේවෙතත්, ඔහු හා සමීප සම්බන්ධතා 20 ක් පමණ හඳුනාගෙන ඇති අතර​ තවත් ද්විතීයික සම්බන්ධතා සිය ගණනක් හඳුනාගෙන ඔවුනට ස්වයං හුදකලා වීමට උපදෙස් දී ඇත​.

මේ ප්‍රදේශයේ වෙසෙන​ කොරෝනා වයිරස් රෝග ලක්ෂණ ඇති ඕනෑම කෙනෙකුට වහාම කොරෝනා පරීක්ෂාවට ලක් කරන ලෙස Andrews ඉල්ලා සිටියේය.

නිරෝධායන හෝටල් සේවකයාගේ අනියම් සම්බන්ධතා ලෙස හඳුනා ගැනීමෙන් පසු ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගයට සම්බන්ධ පුද්ගලයින් 600 කට පමණ හුදෙකලා වන ලෙස දැනුම් දී තිබේ.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »