ශ්‍රී ලාංකිකයෙකුට බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් ඉහළ තැනක්

බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමිය සඳහා නව ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමේෂ් සුබසිංහ පත්කර තිබෙනවා.

ක්‍රිකට් සංවර්ධනයේ විශිෂ්ටත්වය සඳහා වන කැපවීම ඉදිරියට ගෙන යාමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරමින් මෙම පත් කිරීම සිදු කළ බවයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පුළුල් හා සූක්ෂම තෝරා ගැනීමේ ක්‍රියාවලියකින් පසුව රමේෂ් සුබසිංහ කොදෙව් ක්‍රිකට් ඇකඩමිය, කාර්ය සාධනයේ සහ වර්ධනයේ නව යුගයකට ගෙනයාමට සුදුසුම අපේක්ෂකයා වූ බව එම නිවේදනයේ සඳහන්.

මෙම පත්වීමට පෙර හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයා නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ ප්‍රධාන පුහුණුකරු ලෙස සහ ඔටාගෝ ක්‍රිකට් ඇසෝසියේෂන් හි ප්‍රධාන පුහුණුකරු සහ කුසලතා සංවර්ධන කළමනාකරු ලෙස සේවය කර තිබෙනවා.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිර්ණායක අනුව පුහුණු කිරීමේ සුදුසුකම් සපුරා ඇති අයෙක් වන අතර නවසීලන්ත ක්‍රිකට් සමඟ ද කටයුතු කළ සුදුසුකම් ලත් පුහුණුකරුවෙක් බව කොදෙව් ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැලකිය යුතු ගෝලීය උනන්දුවක් ඇති කළ අතර, අයදුම්කරුවන් 53 දෙනෙකු එම තනතුර සඳහා තරඟ කර තිබුණා.

දැඩි පරීක්‍ෂණ ක්‍රියාවලියක් හරහා සිදු කළ සම්මුඛ පරීක්ෂණවලදී අපේක්ෂකයින් 6 දෙනෙකු අවසන් වටයට පැමිණි අතර ගයානා, ජැමෙයිකාව, එක්සත් රාජධානිය, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව ඊට අයත්.

කොදෙව් ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මෙය දැඩි හා විනිවිද පෙනෙන තෝරාගැනීමක් වූ අතර, මෙම තනතුර සඳහා වඩාත් සුදුසුකම් ලත් සහ දක්ෂ අපේක්ෂකයින් පමණක් සලකා බැලීමට සහතික වූ බවයි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »