කොළඹ යාචකයින් උපයන හිතන්න වත් බැරි මුදල ගැන පොලිසිය හෙළි කරයි

කොළඹ නගරයේ මාර්ග සංඥා අසල සිඟමන් යදින යාචකයින් දිනකට රුපියල් 20,000කට වැඩි මුදලක් උපයන බවට අනාවරණ වී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල මංසන්ධි සහ මාර්ග සංඥා අසල සිටින යාචකයන්ට මුදල් ලබාදීමෙන් වළකින ලෙසටයි ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

රථ වාහන තදබදය, වාහනවලට අලාභ හානි, රිය අනතුරුවලින් තුවාල සිදු වීම වැනි දෑ යාචකයින්ට මුදල් ලබාදීම හේතුවෙන් සිදුවන බව රථවාහන පොලිස් ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළා.

කොළඹ අවට මංසන්ධි සහ මාර්ග සංඥා අසල සිටින යාචකයින් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද යොදවා ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එය යාචකයින් ඉවත් කිරීමේ ක්‍රියාමාර්ගවල කොටසක් වන අතර වාහන රියදුරන් සහ මගීන් යාචකයන්ට මුදල් ලබා දීමෙන් වැළකී සිටියහොත් ඔවුන් ඉවත් කළ හැකි බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ.

ඔහු ප්‍රකාශ කළේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම වීඩියෝ පණිවුඩ මගින් නව ක්‍රියාමාර්ග පිළිබඳව රියදුරන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි.

දිනකට රුපියල් 2500 ත් 3000 ත් අතර මුදලක ඉපැයීමක් සහිත රැකියාවක් ලබා දෙන විට යාචකයින් එය ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් සිඟමන් යැදීමෙන් දිනකට රුපියල් 15,000 සිට 20,000 අතර මුදලක් උපයන බවයි.

බොහෝ යාචකයින් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බැවින් ඇතැම් යාචකයින් පූර්ණ කාලීන රැකියාවක් ලෙස සිඟාකෑමේ නිරත වන අතර එවැනි පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »