ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ පසුගිය මාර්තු මාසය වන විට දළ නිල සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම නිල සංචිත ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙනවා.

මෙම නිල සංචිත සඳහා චීන මහ බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් බව සඳහන්.

මේ අතර පසුගිය මාර්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,139ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

එය පසුගිය 2023 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 9.8ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.

කාර්මික භාණ්ඩ අපනයනය ඉහළ යාම අපනයන ආදායම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක වී තිබෙනවා.

මේ වසරේ මාර්තු මාසයේ දී සංචාරක ඉපැයුම් ද ඉහළ ගොස් ඇති අතර විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ද මාර්තු මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 572 දක්වා ඉහළ ගොස් ඇති බව මහා බැංකුව සඳහන් කළා.

මේ වන විට රුපියල අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පවතින අතර අප්‍රේල් මස 30 වන දින දක්වා කාලය තුළ දී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 9.1කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

යුරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ද රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »