Search

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

පිහි ඇනුමෙන් මියගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයෙක් වන අතර සැකකරු පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයා සමග සර්ෆින් ක්‍රීඩාවේ නිරතව සිටි අයෙකු සමග ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් පිහි ඇනුම සිදුවී ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

බරපතල තුවාල ලබා සිටි තරුණයා අසාධ්‍ය තත්ත්වයේ රෝහලට ගෙන ගියද ජීවිතය බේරා ගැනීමට හැකිවී නැහැ.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයි ෆ්ලැහර්ටි පැවසුවේ මෙම පුද්ගලයා පිහි ඇනුම් තුවාල සහිතව රථගාලක සිටියදී හමුවූ බවයි.

පළා ගිය පුද්ගලයා සහ ඝාතනයට යොදා ගත් ආයුධ සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »