ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුළුල් බලශක්ති වට්ටම් යෝජනා ක්‍රමයක් යටතේ ක්වීන්ස්ලන්තයේ සෑම නිවසකටම ඔවුන්ගේ විදුලි බිල්පත් සඳහා මෙලෙස ඩොලර් 1000ක වට්ටමක් ලැබෙන බවයි වාර්තා වන්නේ.

අගමැති ස්ටීවන් මයිල්ස් සහ භාණ්ඩාගාරික කැමරන් ඩික් පවසන්නේ මෙම වැඩසටහන තුලින් සමස්ත ක්වීන්ස්ලන්ත වැසියන්ට ඩොලර් බිලියන 2.5කට වඩා ඉතිරි කර දෙන බවයි.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයක් විසින් මෙතෙක් ලබා දී ඇති විශාලතම ජීවන වියදම් සහන වැඩසටහන මෙය බව ද ඔවුන් ප්‍රකාශ කළා.

නව යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත් එය ලබන ජූලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.

ක්වීන්ස්ලන්ත රජය පවසන්නේ ප්‍රාන්තයේ සෑම නිවසකටම වට්ටම් ලැබෙනු ඇති අතර සහන සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නොවන බවයි.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ ඕනෑම රජයක් විසින් මෙතෙක් ලබා දුන් විශාලතම වට්ටම එය වන අතර ක්වීන්ස්ලන්ත වැසියන්ට ඩොලර් බිලියන 2.5 කට වඩා මෙමගින් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂිතයි.

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »