දකුණු ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හිංසනයට සම්බන්ධ වැරදිකරුවන්ට අලුත් නීති

දකුණු ඔස්ට්‍රේලියාවේ නැවතත් ගෘහස්ථ හිංසනයට සම්බන්ධ වැරදිකරුවන් සඳහා දැඩි නීති හඳුන්වා දී තිබෙනවා.

ප්‍රාන්ත පාර්ලිමේන්තුව සම්මත කරගත් නීතිවලින් පසුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වැරදිකරුවන් රටේ දැඩිම නීති කිහිපයකට මුහුණ දීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

ඇතැම් වැරදිකරුවන්ට ඉලෙක්ට්‍රොනික මොනිටරයක් පැළඳීමට සහ දැඩි නිවාස රැඳවුම් නියෝග පිළිපැදීමට ද සිදු වනු ඇති.

ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වයට ලක්ව පීඩාවට පත්වූවන් වඩා හොඳින් ආරක්ෂා කිරීම නීතිවල අරමුණ බවයි අගමැති පීටර් මලිනවුස්කාස් ප්‍රකාශ කළේ.

දකුණු ඕස්ට්‍රේලියානු නීතිපති ක්‍යාම් මහර් පැවසුවේ සෑම වසරකම පුද්ගලයින් 150 දෙනෙකු පමණ ගෘහස්ථ හිංසනයට අදාළව අධිකරණ නියෝගවලට යටත් වන බවයි.

ගෘහස්ථ, පවුල් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ දකුණු ඔස්ට්‍රේලියානු රාජකීය කොමිසමක් ද ලබන ජූලි 1 වැනිදා ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප්‍රචණ්ඩත්වය අත්හැරීමේ වැඩසටහන ස්ථාපිත කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 925ක් යෙදවීමට ද ඊයේ අනුමැතිය හිමිවුණා.

ප්‍රචණ්ඩත්වයට ලක්වන ඔස්ට්‍රේලියානු කාන්තාවන්‍ වෙනුවෙන් පියවර රැසක් ගැනීමට තීරණය වී ඇති අතර ඩොලර් 5000ක් දක්වා මූල්‍ය ආධාර ලබා ගැනීමට ඔවුන් සුදුසුකම් ලබන බවයි කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »