ඔස්ට්‍රේලියාවේ පළමු වරට ශ්‍රී ලාංකේය ව්‍යාපාරයකින් Shopping App එකක්

Onaro Foods වෙතින් Onaro Online හි නවතම දිගුව ලෙස Onaro Plus mobile App අද සිට පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙනු ලබනවා.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳ සැල් විසින් භාවිත කරනු ලබන mobile App හා සමගාමීව Onaro Plus mobile App එක නිපදවා තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව තුල ශ්‍රී ලාංකේය සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් Shopping App එකක් හඳුන්වා දෙන ප්‍රථම වතාව මෙයයි.

ඔස්ට්‍රේලියාවේ ඕනෑම ප්‍රාන්තයක වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙම යෙදවුම මගින් ඉතාම පහසු මිලට භාණ්ඩ ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා.

ඊට අමතරව Click & Collect සේවාව මගින් භාණ්ඩ ඇණවුම් කර ලබාගැනීමේ හැකියාව ද මෙහි ඇති ආකර්ශනීය අංගයක්.

කාර්යබහුල දිවි පෙවෙතකට මහත් අස්වැසිල්ලක් වෙමින් Onaro Foods ඕනෑම ශාඛාවකින් තමන්ට පහසු දිනෙක පහසු වේලාවකට තම ඇණවුම ලබාගත හැකි අයුරින් කල් තබා ඇණවුම් කිරීමට හැකි වන ලෙස මෙම mobile App එක නිමවා තිබෙනවා.

Onaro Plus යෙදවුමේ ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ Plus Points නමින් හඳුන්වා දී ඇති ප්‍රසාද දීමනා ක්‍රමයයි. මෙමගින් Onaro Foods වෙතින් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට විශේෂ වරප්‍රසාද හා ප්‍රතිලාභ ද හිමි වනු ඇති.

Onaro Foods හා Onaro Online වෙතින් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ඉතා ඉහළ මට්ටමක සේවාවක් ලබාදීමත් Onaro හා සබැඳි පාරිභෝගික අත්දැකීම් ගුණාත්මක භාවයට පත් කිරීමත් Onaro Plus මොබයිල් App එක හඳුන්වා දීමේ අරමුණයි.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »