
ඔස්ට්‍රේලියාවේ කුඩා දරුවන් ශ්වසන රෝග හේතුවෙන් රෝහල් ගතකිරීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව හෙළිව තිබෙනවා.
මේ හේතුවෙන් අලුත උපන් බිළිඳුන්ට ශ්වසන රෝග සඳහා නොමිලේ එන්නතක් ලබා දීමේ නව වැඩපිළිවෙලක් ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ද මෙලෙස නව දරු උපත් සඳහා නව ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර තිබුණා.

බීෆෝටස් (Beyfortus) නමින් හඳුන්වනු ලබන එන්නතක් මෙලෙස කුඩා දරුවන් සඳහා ලබා දීමට චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කර ඇති බව ද සඳහන්.
මේ අතර බටහිර ඔස්ට්‍රේලියාව ළදරුවන්ට එන්නත ලබා දුන් පළමු අධිකරණ බල ප්‍රදේශය බවට පත්ව ඇති අතර ඒ පිළිබඳ පසුගිය මාර්තු 5 වනදා නිල නිවේදනයක් ද සිදුකර තිබුණා.

මාස 8ට අඩු දරුවන් සඳහා මෙම එන්නත නිර්දේශ කර ඇති අතර එම කාලය තුළ ළදරුවන් 70000ක් පමණ එන්නත සඳහා සුදුසුකම් ලබනු ඇතැයි අපේක්ෂා කරනවා.
මේ සඳහා ප්‍රාන්ත රජයට ඩොලර් මිලියන 31ක මුදලක් වැය වන බව ද සඳහන්.
තවද ක්විස්න්ලන්ඩ් ප්‍රාන්තයේ මෙම වසරේ ගතවු මාස කිහිපය තුළ ශ්වසන රෝග හේතුවෙන් රෝහල් ගත කර ඇති ළදරුවන් සංඛ්‍යාව 7000ක්.
ඒ අනුව ළදරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීම මෙම නව එන්නත්කරණයේ අරමුණ බව සඳහන්.