මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

ක්‍රවුන් රිසෝර්ට්ස්හි දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීමකින් අනතුරුවයි මෙම රැකියා කප්පාදුවට පියවර ගෙන ඇත්තේ.

මෙම පියවරත් සමග ඇමරිකානු ආයෝජන සමාගමක් වන බ්ලැක්ස්ටෝන් සතු කැසිනෝ ශාලාවල සේවය කළ 20,000ක් පමණ වන ශ්‍රම බලකායෙන් සියයට පහක් පමණ අහිමි වනු ඇති.

එම රැකියාවලින් වැඩි ප්‍රමාණයක් මෙල්බන්හි ක්‍රවුන් රිසෝට්ස් කැසිනෝ ශාලාවේ සිදුවන බවටයි හෙළිවී ඇත්තේ.

මෙල්බර්න් සහ සිඩ්නි කැසිනෝ ව්‍යාපාරය හරහා ක්‍රියාත්මක වූ මුදල් විශුද්ධිකරණය පිළිබඳ හෙළිදරව් වීමෙන් පසු දැඩි අධීක්‍ෂණයකින් අනතුරුව සම්පූර්ණ බලපත්‍ර ලබා දී සති කිහිපයකට පසුව මෙම කප්පාදුව සිදු වීම විශේෂත්වයක්.

අදායම් ප්‍රමාණවත් නොවීම සූදු ක්‍රීඩාවට පැනවූ සීමා හේතුවෙන් මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ බවයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා කියාසිටියේ.

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »