මෙල්බර්න්හි ශාන්ත කිල්ඩා වෙරළ තීරයේ තිබූ ගස් හදිසියේ ගිනි ගනී

මෙල්බර්න් ශාන්ත කිල්ඩා වෙරළ තීරයේ පැවති අලංකාර ගස් කිහිපයක් ගිනි ගැනීම් ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත්‍රී 7.15ට පමණ එම ස්ථානයට ගිනි නිවන භටයින් කැඳවනු ලැබුවේ වෙරළ තීරයේ පිහිටි දශක ගණනාවක් පැරණි ගස් පෙළක් ගිනි ගැනීම හේතුවෙන්.

ඩොලර් ලක්ෂ ගණනක් වටිනා බෝට්ටු නැංගුරම්ලා ඇති මරීනා අසලට ද මෙම ගින්න පැතිර යා හැකි බවට බියක් මතුවී තිබුණා.

කෙසේ වෙතත් විනාඩි 20ක පමණ කාලයකදී ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින් සමත් වූ අතර පොලිසිය පැවසුවේ කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බවයි.

ගින්නෙන් ගස්වලට දැඩි හානි සිදුව ඇති බව සඳහන්.

අපරාධ ඒකකයේ විමර්ශන නිලධාරීන් මෙම ගිනි ගැනීම පිළිබඳ විමර්ශන සිදු කරන අතර තොරතුරක් දන්නා අයෙක් වෙතොත් අපරාධ මර්දන අංශයට දැනුම් දෙන ලෙසටයි ඉල්ලා සිටින්නේ.

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »