ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගෝල්ඩ් කෝස්ට් හි ක්‍රියාත්මක වූ බව කියන මෙම ව්‍යාපාරය මගින් 2018 සහ 2021 අතර කාලය තුළ පුද්ගලයින් 30 දෙනෙකුගෙන් පමණ මුදල් වංචා කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් පොලිසිය විසින් මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් වසර දෙකක පමණ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Cryptocurrency ආයෝජන වංචාවලට අදාළව සමාගම් කිහිපයක වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව ද විමර්ශන අංශවල අවධානය යොමු වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

වැරදිකරුවන් නීතිවිරෝධී අරමුදල්වල මූලාශ්‍රය වසන් කිරීම සඳහා වටිනා ලෝහ, සුඛෝපභෝගී මෝටර් රථ සහ දේපළ වෙළඳාම් සඳහා නීති විරෝධී මුදල් ආයෝජනය කර ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 36,37 සහ 67 වයස්වල පසුවන කාන්තාවක් ඇතුළු පිරිසක්.

ඔවුන් සියලු දෙනා අද සවුත්පෝට් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වර්තමාන ආර්ථිකය තුළ ඉක්මන් ප්‍රතිලාභයක් දැකිය හැකි මූල්‍ය අවස්ථා සඳහා ආයෝජනය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි ක්වීන්ස්ලන්ඩ් පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.

අපේක්ෂිත ප්‍රතිලාභ මොනවාද සහ එහි ඇති අවදානම තේරුම් ගැනීමට ලියාපදිංචි මූල්‍ය සැලසුම්කරුවෙකුගෙන් වෘත්තීය උපදෙස් ලබා ගත යුතු බව ද පොලිසිය අවධාරණය කරනවා.

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »